📰

School News

Stay up to date with the latest happenings at Swarnamali Girls' College

සුබ වෙසක් මංගල්‍යයක් වේවා!!!

සුබ වෙසක් මංගල්‍යයක් වේවා!!!

🪔 _ගෞතම බුදුරජාණන් වහන්සේගේ උපත, සම්බුද්ධත්වය සහ පරිනිර්වාණය සිහිපත් කරන මෙම උතුම් වෙසක් පුර පසළොස්වක පොහෝ දිනයේ,_ _ලෝකවාසී සියලු දෙනාට සමාදානය, සෞභාග්‍යය සහ අධ්‍යාත්මික ප්‍රබෝධය උදා වේවා යි ප්‍රාර්ථනා කරමු._ *පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!* ✨🏮 #SGCK

✍️ Super Admin
📅 30 May 2026 · 👁 9 views
කලාපීය නර්තන තරඟාවලිය – 2026 දී ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයට ප්‍රථම ස්ථාන 4ක්

කලාපීය නර්තන තරඟාවලිය – 2026 දී ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයට ප්‍රථම ස්ථාන 4ක්

ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයේ නර්තන කණ්ඩායම කලාපීය නර්තන තරඟාවලිය – 2026 හිදී අතිවිශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කරමින් ප්‍රථම ස්ථාන හතරක් දිනා ගැනීමට සමත් වී ඇත. තරඟාවලියේ විවිධ නර්තන අංශ නියෝජනය කරමින් ඉදිරිපත් වූ සිසුවියන් සිය දක්ෂතා, කැපවීම හා නිර්මාණාත්මක හැකියාවන් මැනවින් ඉදිරිපත් කරමින් විනිශ්චය මණ්ඩලයේ ඉහළ ඇගයීමට ලක්විය. මෙම විශිෂ්ට ජයග්‍රහණය සඳහා නර්තන උපදේශකයින්ගේ කැපවීම, විද්‍යාලීය ගුරු මණ්ඩලයේ සහයෝගය සහ දෙමාපියන්ගේ දිරිගැන්වීමද මහත් බලපෑමක් ඇති කළ බව සඳහන් වේ. ප්‍රථම ස්ථාන 4ක් දිනා ගැනීම ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයට විශාල ගෞරවයක් හා අභිමානයක් ගෙන දුන් ජයග්‍රහණයක් වන අතර, ජයග්‍රාහී සිසුවියන්ට සහ ඔවුන්ගේ ගුරුභවතුන්ට උණුසුම් සුභ පැතුම් පිරිනැමේ.

✍️ Super Admin
📅 23 May 2026 · 👁 162 views
ලේ දන්දීමේ වැඩසටහන

ලේ දන්දීමේ වැඩසටහන

මහ/ ස්වර්ණමාලි බාලිකා විද්‍යාලයීය ආදිශිෂ්‍යා සංගමය විසින් වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබන ලේ දන්දීමේ වැඩසටහන මෙවරත් 2026 ජුනි 06 වන දින පෙ.ව 8.30 සිට ප.ව3.00 දක්වා පාසල් ප්‍රධාන ශාලාවේ දී පැවැත්වේ ලේ බිඳක් දන් දී මේ කටයුත්ත සාර්ථක කරගැනීමට ඔබ සැමට ආරාධනා කර සිටිමු. ආදිශිෂ්‍යා සංගමය මහ/ ස්වර්ණමාලි බාලිකා විදුහල

✍️ Principal
📅 26 Apr 2026 · 👁 13 views